1 අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස,. ඔබගේ නාමය පෘථිවිය මුළුල්ලෙහි කොපමණ උතුම්ද! ඔබ ස්වකීය මහිමය අහස්තල මත්තෙහි තැබූසේක.
2 සතුරාද පළිගන්නාද නිශ්ශබ්දකරන පිණිස, ඔබගේ එදිරිකාරයන් නිසා, ඔබ බාලයන්ගේද කිරිබොන බිළිඳුන්ගේද මුඛයෙන් බලය පිහිටෙවුසේක.
3 ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල;
4 ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?
5 ඔබ ඔහු දෙවියන්වහන්සේට8:5නොහොත්, දේවදූතයන්ට. මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක.
6 ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.
7 එනම් සියලු බැටළුවන් සහ ගවයෝද, එසේය, වනයෙහි මෘගයෝද;
8 ආකාශයෙහි පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයෝද, මුහුදු මාර්ගවල යන්නාවූ සියල්ලෝද යන මොව්හුය.
9 අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මුළු පොළොවෙහි කොපමණ උතුම්ද!